එදා ලංකා දීපය යනුවෙන් හදුන්වා ඇත්තේ අද ශ්‍රී ලංකාව යනුවෙන් හදුන්වන මුළු දිවයිනම නොව, මේ සිතියමේ දැක්වෙන පරිදි මහවැලි ගඟෙන් සහ වලවේ ගඟෙන් නැගෙනහිරට පිහිටා ඇති නැගෙනහිර පළාත, ඌව වෙල්ලස්ස, සහ රුහුණු ප්‍රදේශයයි.
එහෙත් ඉහත ජඹුදීපයේ නම සිව් බුදු වරුන්ගේ කාලයේම වෙනස් නොවී ජඹුදීපය ලෙසින්ම පැවත ඇත.
ජඹුදීපයේ ඇති වූ ශාක්‍ය කෝලිය යුද්ධය නිසා මහත් පරිහානියට පත්වුණු ශාක්‍ය දස බෑයෝ මුහුදෙන් ලංකා දීපයේ රුහුණු ප්‍රදේශයටත්, අමිතෝදන රජ්ජුරුවන්ගේ පුත් පණ්ඩුශාක්‍ය ඇතුළු පිරිස මහවැලි ගඟින් එගොඩ වී දිඹුලාගල ප්‍රදේශයටත් සංක්‍රමණය වී එම ප්‍රදේශ වල අලුත් ගම් බිහි කරමින් අලුත් ජිවිත ආරම්භ කර ඇත. පසුව ඒවා අලුත් රාජධානි බවට පත් වින. මේ සම්බන්දයෙන් මහාවංශයේ නව වන පරිච්චදයේ පැහැදිලිව දක්වා ඇත.
ඒ අනුව ජඹු දීපයේ උරුවෙල පෙදෙසින් ගිය ශාක්‍යයෝ උරුවෙල නමින් ගමක්ද, විජිත නම් වූ ශාක්‍යයා විජිත නමින්ද ගමක්ද, අනුරාධපුරයෙන් ගිය අනුරාධ ශාක්‍යයා අනුරාධ නමින් ගමක් ද, දීඝායු, රෝහණ යනාදී වශයෙන්ද රුහුණේ අලුත් ජනාවාස බිහි කර ඇත.
අද අපේ රටේ උතුරු මැද ප්‍රදේශයේ සහ රුහුණේත් එක සමාන නම් ඇති ගම් හෝ නගර දකින්නට ඇත්තේ මේ උතුරු මැද ප්‍රදේශයෙන් ගිය ශාක්‍යයෝ මුල් ගමේ නමින් රුහුණේ අලුත් ජනපද ඇති කිරීමේ හේතුව නිසාවෙනි.
එසේ ජඹුදීපයේ (උතුරු මැද පළාතේ ) සිට පැමිණි අනුරාධ ශාක්‍යා රුහුණේ බිහි කරන අනුරාධ ග්‍රාමය පසු කලෙක ඔහුගේ මුනුපුරකු වූ පණ්ඩුකාභය කුමරු පුරයක් බවට පත් කරන ලදී. ඒ අනුව අනුරාධ ග්‍රාමය, අනුරාධපුරය බවට පත් විය. එහෙත් ඒ ඓතිහාසික පොත්වල ඇති ලංකාදීපයේ අනුරාධපුරය අද අප කව්රුත් දන්නා උතුරුමැද පළාතේ අනුරාධපුරය නොවේ.
මේ උතුරුමැද පළාතේ අද ඇති අනුරාධපුරයට ඒ නම ස්ථාපිත වන්නේ, 19 වන සියවසේ පසුව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් නිර්මාණය කරන නව සිතියම නිසාය.
ඒ අනුව දුටුගැමුණු රජ්ජ්ජුරුවන්ගේ අනුරාධපුර රාජධානිය තිබී ඇත්තේ පෙර කී දෙවෙනියට පණ්ඩුකාභය රජු විසින් රුහුණේ බිහි කරන ලද අනුරාධපුරයේ මිස, මේ වර්තමාන උතුරු මැද පළාතේ අපි අද සිතා සිටින අනුරාධපුරයේ නොවේ. දුටු ගැමුණු රජතුමා එළාර රජ්ජුරුවන් සමග යුද්ධ කරන්නේ ඒ රුහුණේ විජිත පුරයේය. යුදගනාව නමින් හැදින්වෙන්නේ එම එළාර දුටු ගැමුණු යුද්ධය ඇතිවූ ස්ථානය බව අපගේ නිගමනයි.
දුටුගැමුණු රජ්ජුරුවන් හදපු රුවන්වැලිසෑය ඇත්තේත් රුහුණු ප්‍රදේශයේය. එය බොහෝ විට ලාහුගල වන මද ඇති නීලගිරි සෑය විය යුතුය. බුදුහාමුදුරුවෝ තුන්වරක් ලංකාදීපයට වැඩි අවස්ථාවේ වැඩිය කැලණිය සහ නාග දීපය සත්‍ය වශයෙන් පිහිටා තිබෙන්නේ මේ පෙනෙන නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයේයි. එදා සිරි පාද ලාංඡනය තැබූ සුමන කූඨය තිබෙන්නේත් මේ රුහුණු රටේය. සමන්ත කූඨ වර්ණනාවේද මේ පිළබඳව පැහැදිලිව සඳහන් වේ.
තවද දක්ෂිණ බෝධි ශාඛාව රෝපණය කළ මහමෙව්නාව පිහිටි, දුටුගැමුණු රජ්ජුරුවෝ රජ කළ අනුරාධපුර රාජධානියත් වගේම බුදු හාමුදුරුවන්ගේ කාලයේ සිට නාගලෝකය ලෙසින් හැඳින්වුනු ලෝකයේ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය, එදා පිහිටා තබුනේ රුහුනේ හැඩ ඔය සහ මැණික් ගඟ අතර මුහුදු බඩ ප්‍රදේශයේය. දක්ෂිණ බෝධි ශාඛාව රුහුණේ අනුරාධපුරයට වඩමන විට, අතරමග නවත්වා තබාගෙන නැවියෝ පුද පුජා පවත්වා ඇත්තේ, එදා ඒ නාග ලෝකය නමින් හැදින් වුන මේ නාවික වෙළඳ කලාපයේය.
පරාක්‍රමබාහු රජතුමා ඇති කරන ලද පොලොන්නරුව නම් වූ නව රාජධානිය ඇත්තේ ඒ ලංකාදීපයේම අම්පාර ප්‍රදේශයේ අද රජගල නමින් හැදින්වෙන ස්ථානයේය. මේ අපි අද හිතන උතුරුමැද පළාතේ පොලොන්නරුව එදා හැදින්වුයේ කාලිංග නුවර ලෙසයි.
බැමිණිතියා සෑය නිසාවෙන් ජන ශුන්‍ය වී විනාශ වූ මෙම ලංකාදීපයේ ජනවාස, පසුව ක්‍රමයෙන් නැවත ස්ථාපනය වුණත්, නැවත 1818 නිදහස් සටනෙදී සිදු වූ ජන සංහාරය නිසා මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජනශුන්‍ය වී ගියේය.
ඊට පසුව බ්‍රිතානය යටත් විජිත නිලධාරීන් මේ ප්‍රදේශය වල් බිහි වෙන්නට හැර පසුව යාල සහ කුමන නමින් අභය භූමි ලෙස ප්‍රකාශයට පත් කළේ මේ රහස සදහටම ලොවෙන් සඟවා තබන්නටය. පසුව එම රුහුණේ අනුරාධපුරය සහ පොලොනරුව යනාදී ඓතිහාසික නගර සුදු නිලධාරීන්, උතුරු මැද පළාතේ ලකුණු කොට ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් කර ඇති අතර එය ලොව කර ඇති අති විශාලතම ඉතිහාස තොරතුරු විකෘතියකි.
විධිමත්ව අධ්‍යනයක් කරන ඕනෑම කෙනෙකුට මේ තොරතුරු ඉතා පහසුවෙන් සොයා ගත හැක. ඒ එදා සිටි අපේ අපේ මුතුන් මිත්තන් ඔවුන්ගේ සියලු වැදගත් ක්‍රියාකාරකම් ගල් වල නොමැකෙන අකුරින් කොටා වැඩි දුරටත් ඒවා පුස්කොල පොත්වල ලියා තැබූ නිසාවෙනි.