ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත ලිවීම

වර්තමානයේ ලංකාවේ ජීවත් වන අප පාසල් වලින් ඉගෙන ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් විසින් ගොතන ලද වැරදි ඉතිහාසයකි.

වර්තමානයේ ලංකාවේ ජීවත් වන අප පාසල් වලින් ඉගෙන ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් විසින් ගොතන ලද වැරදි ඉතිහාසයකි. එය ජෝර්ජ් ටර්නර්, එල්. ඊ. බ්ලේසේ, එච්.ඩබ් කෝඩ්රින්ටන් වැනි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් ගොතා ලියන ලද ඉතිහාස තොරතුරු මිස නිවැරදි තොරතුරු නොවන බව අප විසින් කරන්නට යෙදුන දීර්ඝ ගවේෂණයකින් අනතුරුව සොයාගෙන ඇත.

තවද මහාවංශයේ සහ දීපවංශයේ ලියා ඇත්තේ අද ලංකාව ලෙසින් හදුන්වන මුළු දිවයිනේම ඉතිහාස තොරතුරු නොවේ. විශේෂයෙන්ම එම පොත් වල ඇත්තේ අද ලංකාව ලෙසින් හැඳින්වෙන දිවයිනේ එදා ලංකාදීප නම් වූ කොටසේ ඉතිහාස තොරතුරුයි. ලංකාදීපයට අමතර ජඹුදීපය, කුරුදීපය, ගිරිදීපය වශයෙන් තවත් පරිපාලන කොටස් හතරක් අතීතයේ තිබී ඇත. එබැවින් මහාවංශයට, දීපවංශයට අමතරව වන්නි රාජාවලිය. රාජාවලිය, පුජාවලිය, රාජරත්නාකරය, කඩයිම් පොත් යනාදී පොත් විශාල ප්‍රමාණයක මෙම දිවයිනේ ඉතිහාසය ග්‍රන්ථාරූඩ කර ඇති බැවින් එම පොත්වල පැරණි පුස්කොළ පිටපත් ලබාගෙන සහ ලංකාවේ ඇති සෙල්ලිපි නැවත කියවා නිවැරදිව අර්ථකථනය කර ගෙන ලංකාවේ සත්‍ය ඉතිහාසය නැවත ග්‍රන්ථාරූඪ කළ යුතු බව අරියකම්මට්ඨාන තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ඒ පිලිබඳව කටයුතු කිරීමට විද්වත් මඬුල්ලක් පත් කර කටයුතු කිරීමට අරියකම්මට්ඨාන සංවිධානය බලාපොරොත්තු වේ.