අරියකම්මට්ඨාන පිලිබඳ

“අරියකම්මට්ඨාන” ශ්‍රී ලංකාවේ හෙළ බොදු අක් මුල් ඇති ලොව වටා වසන බෞද්ධයන් පිරිසක් විසින් ස්ථාපිත කොට ශ්‍රී ලංකාවේ මෙන්ම යුරෝපයේ ලියාපදිංචි කර ඇති ස්වේච්ඡා සංවිධානයකි.
5_Long_lost_Sambodhiya

මෙම සංවිධානය යුරෝපයේ ජීවත් වන ශ්‍රී ලාංකීය ථේරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වන පුජ්‍යපාද යුරෝපයේ කේ. අරියමග්ග හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර මෙය වෙනත් කිසිදු සංවිධානයකට හෝ ආයතනයකට නොබැඳුණු ස්වාධීන සංවිධානයකි.

මෙම සංවිධානය ලාභ නොලබන රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන අතර කිසිම දේශපාලන මතයක් හෝ වෙනත් කිසිදු ජාතිවාදී හෝ වර්ගවාදී අදහසක් නොදරන, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ වෙනත් කිසිදු අන්තවාදී අදහස් දරන කණ්ඩායමකට පකෂපාතිව කටයුතු නොකරන, සියලු ලෝක පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් අගයන හා ආරක්ෂා වෙන පරිදි කටයුතු කරන සාමකාමී, නිදහස් හා නොබැඳුණු සංවිධානයකි.

මෙම සංවිධානයේ සියලු කටයුතු සියලු සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය සහ ස්වාභාවික පරිසරය ආරක්ෂා වෙන පරිදි සියලු සත්වයන් කෙරේ ඇති අපරිමිත සම මෙත පෙරදැරිව ක්‍රියාත්මක වන ලෝකයේ පිළිගත් නිතී රීති වලට අනුකූලව පමණක් කටයුතු කරන පරම අවිහිංසාවාදී ආයතනයකි.

අරමුණ:

මෙම සංවිධානයේ මූලික අරමුණ වන්නේ බුද්ධ කාලයේ තිබූ සමාජ ක්‍රමය සහ ජීවන චින්තනය එනම්, ස්වභාවය මුල්කොටගෙන මෙහෙයවෙන චින්තනය (Ecocentrism) නැවත ලොව ස්ථාපිත කිරීමට අවශ්‍ය අඩිතාලම දැමීම සහ දැනුම බෙදා දීමයි. ඊට සමගාමීව ගොතම තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ නිබ්බාන මග නැවත ලොව ස්ථාපිත කිරිමයි.

මීට අමතරව 19 වන සියවසයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ අපේ උරුමයෙන් බලෙන් බැහැර කර ඇති සීහෙළ ආදිවාසී අනන්‍යතාවයේ උරුමය නැවත අපට ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කර සිටීමයි.

Steps:

In pursuit of these goals, Ariyakammattana has embarked on an extensive, multi-decade study and in-depth research endeavor to ascertain accurate historical facts. This comprehensive analysis aims to uncover Buddha Gothama’s homeland, the authentic Dambadiva, and the four sacred Buddhist sites in Sri Lanka. Furthermore, the organization is extending its assistance to other religious faiths in identifying their rightful worship sites, many of which have been lost due to the actions of Western colonial regimes in Asia.

Presently, Ariyakammattana is actively engaged in the process of presenting these authentic historical findings to UNESCO and the United Nations. Through this endeavor, the organization seeks to rectify the lingering impact of colonial tyranny that persists to this day.

අපේ නියමුවන්

පූජ්‍ය ක්ලෙප්පේ අරියමග්ග හිමි

ශ්‍රී ලංකාවේ දඹදිව හෙළ බොදු ගොවි පුතෙකු ලෙස ඉපිද හිරිමල් වියේදීම තනිවම තම මවු බිමෙන් බැහැරව, ලෝකය පුරා ගොඩබිමින් ඇවිද ගිය දේශ ගවේශකයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වූ, දැනට යුරෝපයේ නෝර්වේ රාජ්‍යෙයහි ජීවත්වන ක්ලෙප්පේ අරියමග්ග හිමියන් මෙම සංවිධානයේ නිර්මාතෘවරයා ද ප්‍රධාන නියමුවා ද වේ. මුන් වහන්සේ ගිහි කල “ශ්‍රී ලංකාවේ මාර්කෝ පෝලෝ” යන අන්වර්ථ නාමයෙන් දෙස් විදෙස් විද්වතුන් විසින් හැඳින්වූයේ උන්වහන්සේගේ අසමසම සංචාරක අත්දැකීම් නිසාවෙනි. කුඩා කල සිටම පාසල් අධ්‍යාපනය වැරදි බව තේරුම් ගෙන කටයුතු කළ උන්වහන්සේ පසුව පිදුම් දුන් ආචාර්ය උපාධි, ජාත්‍යන්තර සම්මානයන් මායිම් නොකරන කළාතුරකින් දකින්නට ලැබෙන චරිතයකි. මුන් වහන්සේ ද ප්ලිනි දි එල්ඩර්, පී ටොලමි වැනි අසාමාන්‍ය විශ්ව දැනුම ඇති මේ යුගයේ ජීවත් වන දුර්ලභ ගණයේ යතිවරයෙකි.

මුන්වහන්සේගේ විශේෂිතම සොයාගැනීම වන්නේ ආභස්සර බඹ ලොව සිට පැමිණි බ්‍රහ්ම කායන් සහ ක්‍රිස්තියානි, ඉස්ලාමීය බයිබලයේ සහ කුරාණයේ කියවෙන ආදම් ඒවා මෙන්ම, හින්දු පිළිගැනීම වන ආදියෝගී ශිව යනු එකිනෙකාට වෙනස් විවිධ පුද්ගලයන් හෝ ජීවීන් නොවන බවත්, ඒ එකම මුල් පෘථිවිවාසීන් හඳුන්වන්නට භාවිතා කරන ලද විවිධ නම් පමණක් බවත් ය. විවිධ පොත්පත්වල විවිධ නම් භාවිතා කරමින් මේ පැහැදිළි කරන්නේ එකම ජීවීන් කොටසක් බවත්, ඔවුන් වෙනත් ලොවක සිට පැමිණ පෘථිවිය වාසභූමිය කොටගත් අපේ ආදිතම මුතුන් මිත්තන් බවත් ඔවුන් එදා පැමිණ ජීවත් වූ මුල් වාස භූමිය වූ බයිබලයේ කුරාණයේ කියවෙන පාරාදීසය මෙන්ම, පෙරදිග ඓතිහාසික ග්‍රන්ථවල කියවෙන ජන්බුද්දීපය යනු එකම භූමියක් බවත් එය වෙන කිසිදු ස්ථානයක් නොව වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන මේ අපේ මවුබිමම බවත් උන්වහන්සේ විසින් අනාවරණය කරගෙන ඇත.

19 වන සියවසයේ දී මෙම මහා සත්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් විකෘති කොට වසන් කරන්නට පෙර තිබූ අපේ සැබෑ ඉතිහාසය සොයා වසර 40කට වැඩි කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් ගවේෂණය කළ අතර එමගින් සොයාගත් සාමාන්‍ය ලෝකයා නොදත් විශ්මිත තොරතුරු ලොවට ඉදිරිපත් කිරීමට අරියකම්මට්ඨාන සංවිධානය උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදි.

තවද වර්තමාන මිනිසා හසු වී ඇති බරපතලම උගුල වන්නේ මනුෂ්‍යයා කේන්ද්‍ර කරගෙන සිතන ජීවන පිළිවෙත (Anthropocentrism) 18 වන සියවසයේ සිට අපේ ජන මනසට ආදේශ කිරීම බවත් එය දැඩි මිච්ඡාදිට්ඨියක් බවත්, එම වැරදි ජීවන චින්තනයෙන් මිදී අපි බටහිරට යටත් වෙන්නට පෙර තිබූ සියලු සත්වයා කේන්ද්‍ර කොටගත් ජීවන චින්තනය (Ecocentrism) නැවත තම චිත්ත සන්තානවල ආදේශ කරගන්නා තුරු බුදුවරුන් දේශනා කළ නිවැරදි නිබ්බාන මග කිසිවෙකුට අවබෝධ කරගත නොහැකි බවත් උන්වහන්සේගේ කියවීමයි. ඒ නිසා එදවස බුද්ධ කාලීන සමාජය එනම් සියලු සත්වයෝ කේන්ද්‍රකොටගෙන සිතුවිලි මෙහෙයවන මෙන්ම එම සියලු සත්වයන් ගහකොල, පරිසරය, සොබාදහම එකිනෙකට බැඳි එකම ජීවන වියනක් ලෙස දකින, මෙම සොබාදහමේ පැවතීමට ඒ සියලු සත්වයින්ට, වස්තූන්ට එක හා සමාන අයිතියක් ඇති බව අවබෝධයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැගීම උන්වහන්සේගේ පරම අභිලාෂයයි. නිවන් අවබෝධ කරගැනීමට අවැසි අයට මෙම චින්තන පසුබිම අත්‍යාවශ්‍ය බව උන්වහන්සේගේ අවබෝධය වන හෙයින් නිවනට අත්‍යාවශ්‍ය එම චින්තන පසුබිම, වර්තමානයේ විකෘති වී ඇති ජන මනසේ නැවත පැළ කරන්නට උන්වහන්සේ ඇප කැප වී කටයුතු කරයි.

පූජ්‍ය ඕපල්ගල වජිරඤාණ හිමි

ශ්‍රී ලංකාවේ ආදිවාසී ගම්මානයක ඉපිද කුඩා කලම සසුන්ගත වූ ඕපල්ගල වජිරඤාණ හිමියන් සිංහල භාෂාව පිළිබඳ මූලික උපාධියත්, වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා, මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ද සේවය කර, වර්තමාන අධ්‍යාපන ක්‍රමය වැරදි බව වටහාගෙන එම සියලු තනතුරු අතහැර දමා නිවැරදි ධ්‍යාපනයක් සමාජගත කිරීමේ අරමුණින් අරියකම්ට්ඨාන සංවිධානය හා එක්ව කටයුතු කරයි.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය යටත් විජිත සමය තුළ බලෙන් ස්ථාපිත කර ඇති සත්‍යය සහ පිරිසිදු නිබ්බාන මග වසන් කරන මිච්ඡාදිට්ඨික අධ්‍යාපන ක්‍රමයක් බව තේරුම්ගෙන ඇති උන්වහන්සේගේ අපේක්ෂාව වන්නේ අරියකම්මට්ඨාන සංවිධානයේ දීර්ඝ ගවේෂණ තුළින් නැවත මතු කරගත් සොබාදහම කේන්ද්‍ර කරගත් පැරණි හෙළ ධ්‍යාපන (ඣාපන) ක්‍රමය නැවත ස්ථාපිත කිරීමෙන් තමාද සත්‍යය අවබෝධ කරගෙන සත්‍ය සොයා යන්නවුන්ට ද එම සත්‍ය පෙන්වා දීමටයි.

අපෙන් උදුරාගත් අපේ හෙළ බුදුවරුන්ගේ ඉතිහාසය, අපේ ආදිවාසී අනන්‍යතාවය නැවත ලොව පිළිගන්නා ලෙස නිවැරදි කිරීමට අරියකම්ට්ඨාන සංවිධානය දියත් කරන ජාත්‍යන්තර වැඩ පිළිවෙලට පූර්ණකාලීනව ස්වේච්ඡාවෙන් සහයෝගය දෙමින් කටයුතු කරන මෙම හිමියන් නිබ්බාන මග අවබෝධ කරගැනීමේ අරමුණින් මෙම කටයුතුවල නියැලී සිටියි.

Malinda Dilum Indrasena

මාලින්ද දිලුම් ඉන්ද්‍රසේන

ශ්‍රී ලාංකික හෙළ බොදු පවුලක ඉපිද හැදී වැඩුණු මාලින්ද දිලුම් ඉන්ද්‍රසේන මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබාගත් ඔහු පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පශ්චාත් උපාධිය ලබා ගන්නා ලදි. ලංකාවේ පරිගණ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කර පසුව කැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ රෝයල් බෑන්ක් ඔෆ් කැනඩා සහ කැනේඩියන් ඉම්පීරියල් බෑන්ක් ඔෆ් කොමර්ස් යන ප්‍රධාන බැංකුවල ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ උපදේශකයෙකු වශයෙන් දීර්ඝ කලක් සේවය කරන්නට යෙදුණි. එම කාලය තුළ ලෞකික ලෝකයේ යථාර්තය තේරුම්ගත් ඔහු සත්‍ය සොයා කළ ගවේෂණයේ දී මේ සියලු ලෞකික දේවල් පිටුපස තිබෙන වත්මන් මිනිසා හසු වී ඇති උගුලේ ස්වභාවය ද අවබෝධ කරගැනීමට සමත් විය. නූතන ලෝකය හඹා යන කෘතිම බුද්ධිය (AI) මිනිසා විකෘතියකට ගෙන ගොස් අසත්‍ය ලෝකයක අතරමං කරන මෙවලමක් බවත්, එමගින් මිනිසා මේ භවයේ මෙන්ම මරණින් පසු දුගතියට ඇද දමන උගුලක් බවත් තේරුම්ගත් සුවිශේෂී බුද්ධිමතෙකි. ඒ වගේම සුගතියට සහ නිවනට පාදක වන්නේ සොබාදහම කේන්ද්‍ර කරගෙන ජීවත් වන විට ලැබෙන ස්වභාවික ඥානය අනුසාරයෙන් බව ඔහුගේ අවබෝධයයි.

මෙම අවබෝධය තුළින් අරියකම්මට්ඨාන සංවිධානයේ මූලික අරමුණ සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළ ඔහු සියලු ලෞකික තනතුරු අතහැර දමා පූර්ණ කාලීනව ස්ව්ච්ඡාවෙන් කටයුතු කිරීමට මෙම සංවිධානයට එක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සොබාදහම කේන්ද්‍ර කරගත් ජීවන රටාව මහ පොළොව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් ‘බෝමලුව හෙළගම‘ නමින් ආරම්භ කළ අරියකම්ට්ඨාන සංවිධානයේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට ඔහු තම කාලය ශ්‍රමය ධනය වැය කර ඇප කැප වෙන්නට යෙදුණි.

මින් නොනැවතී තවදුරටත් අරියකම්මට්ඨාන සංවිධානය ජාත්‍යන්තර වශයෙන් ගෙනයනු ලබන අපේ සත්‍ය ඉතිහාසය ලොවට හෙළි කිරීම සහ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ අපෙන් උදුරා අතු ගා දැමූ අපේ හෙළ බුදුවරුන්ගේ ජන්බුද්දීපයත්, අපේ ආදිවාසී අනන්‍යතාවයත් නැවත ලොව පිළිගන්නා ලෙස ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් කැප වී කටයුතු කරනු ලබයි. මාලින්ද දිලුම් ඉන්ද්‍රසේන මහතා මෙම කටයුතුවල නිරත වන්නේ තමා දුටු සත්‍යය ලොවට හෙළි කරමින් තම මුතුන් මිත්තන් ඇතුළු සියලු සත්ත්වයින්ට නිවන් දැකීමේ පසුබිම සකස් කිරීම වෙනුවෙන් සහ තමන් ද නිබ්බාන වී මේ සසර දුකින් නිදහස් වීමේ උතුම් අරමුණ ඇතිවය.

Team - Premachandra

ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි
නීතීඥ

ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි මහතා වෘත්තීයෙන් නීතීඥවරයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා තම නීති වෘත්තියට පිවිසුණු ඔහු සමාජ ක්‍රියාකාරකයෙකු ලෙසත්, නීති උපදේශකයෙකු ලෙසත් කටයුතු කරමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරනු ලබයි.

අරියකම්මට්ඨාන සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රේමචන්ද්‍ර මහතා අපේ සත්‍ය ඉතිහාසය වසන් කිරීමට බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ ඉන්දියන් උපමහද්වීපයේ ඉතිහාස තොරතුරු විකෘතියට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමටත්, අපේ නිවැරදි හෙළ ජාතික අනන්‍යතාවය ලොව පිළිගන්නා තෙක් නීතිමය වශයෙන් කටයුතු කිරීමටත් තම වෘත්තීය දැනුම උපයෝගී කරගනිමින් සහයෝගය ලබා දෙයි. ඔහු ස්වේච්ඡාවෙන් මෙම කටයුතුවල නියැලෙන්නේ තම රට, ජාතිය වෙනුවෙන් කරන යුතුකමක් වශයෙනි.

Team - Somasinghe

රන්ජන් සෝමසිංහ
ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ හිටපු දිසා විනිසුුරු

ශ්‍රී ලංකාවේ නීතීඥවරයෙකු, දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් එම තනතුරුවලින් විශ්‍රාම ගෙන අරියකම්මට්ඨාන සංවිධානයේ නීති උපදේශකවරයෙකු ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කරන රන්ජන් සෝමසිංහ මහතා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලය ආදී දෙස් විදෙස් විශ්වවිද්‍යාලවලින් උපාධි, පශ්චාත් උපාධි ලබා ඇති උගතෙකි. ඔහු දිසා විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රයට සුවිශේෂී සේවයක් ඉටු කළ විනිසුරුවරයෙකි. විනිසුරු වෘතියට බැඳෙන්නට පෙර ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය, උතුරු පළාත් සභාව ආදී රාජ්‍ය ආයතනවල නීති උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන ලදි.

තම වෘත්තීය අත්දැකීම් සහ ප්‍රවීණත්වය තුළින් අරියකම්මට්ඨාන සංවිධානය ගෙනියන ඉන්දියන් උපමහද්වීපයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී විසින් විකෘති කොට ඇති ඉතිහාස තොරතුරු නිවැරදි කිරීමේ නීතිමය සංග්‍රාමයට පූර්ණ කාලීනව නීති උපදේශනය ලබා දෙමින් කටයුතු කරයි.